Wednesday, May 15, 2024

General line - 0115112241

ඩෙංගු ප්‍රතිකාර වෙනුවෙන් රෝහලට ගෙවු මුදල සම්බන්ධයෙන් පරික්ෂණයක්

බී.බී.සී ඇසුරෙන්




ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඩෙංගු වැළඳුණු දරුවකුට රුපියල් ලක්ෂ 38කට අධික රෝහල් බිලක් ලබාදීම සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ සිද්ධිය පාදක කරගමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිවූ දැඩි කතාබහ හේතුවෙන්.

දරුවාගේ පවුලේ සාමාජිකයින් සඳහන් කළේ සති දෙකක කාලයක් සඳහා මෙම බිල ලබාදී ඇති බවයි.

එන්නත් 600ක් සහ අත්වැසුම් 1500ක් එම කාලය තුළ භාවිත කර ඇතැයි එම බිලෙහි සඳහන්ව ඇති බව ඔවුන් පවසනවා.

මේ පිළිබඳ පවුලේ සාමාජිකයකු සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හෙළිකිරීමත් සමගයි ඒ පිළිබඳ දැඩි කතාබහක් මතුව ඇත්තේ.

වයස අවුරුදු 6ක් වූ මෙම දරුවා පසුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.