Thursday, May 16, 2024

General line - 0115112241

රැකියා විරහිත උපාධිධාරීන් උද්ඝෝෂණයක

එම්.එම්.පී.ජී.පෙරේරා/ජේඒඑල් ජයසිංහ




රැකියා විරහිත උපාධිධාරීන් අනුරාධපුරයේදී සහ මහනුවරදී අද (21) විරෝධතාවල නිරත වුණා.

උතුරු මැද පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් අද (21) උදෑසන සිට මේ දක්වා විරෝධතාවයේ නිරත වන්නේ උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ වහළය මත සිටයි.

තමන්ට විසඳුමක් නොලැබෙන තෙක් බිමට නොබසින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මේ අතර තවත් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ල වටකරමින් අද (21) විරෝධතාවක නිරත වුණා.

ප්‍රධාන ගේට්ටු පවා අවහිර කරමින් සිදුකළ මෙම විරෝධතාව හේතුවෙන් නිලධාරීන් පිටතට පැමිණියේ පොලීසියේ සහයෙන්.

කෙසේවෙතත් කොටස් වශයෙන් රැකියා ලබාදෙන බවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ලබාදුන් පොරොන්දුව මත ඔවුන් විසිර ගියා.