Wednesday, May 15, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝෂියස් සමග පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳ හෙළිදරව්වක්




පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් සමග පැවැත්වූ දුරකථන සබඳතා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද (21) කරුණු අනාවරණ කළා.

ඒ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙය එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් බවයි ඔහු කියා සිටියේ.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ කෝප් කමිටු සාමාජිකයකුව සිටියදී අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සබඳතා පවත්වා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බැඳුම්කර කොමිසමට ඉකුත්දා ඉදිරිපත් කළ වාර්තාවක දැක්වුණා.