හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඒ අද (21) පැවැති උත්සවයකට එක්වෙමින්.
සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ 20 වැනි මහා සම්මේලනය වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.