රටට අවශ්‍ය වූ වෙනස උදෙසා බොහෝ දේ මේ වන විට ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ වෙනුවෙන් වත්මන් ආණ්ඩුව කැපවී කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ඒ අද (21) පස්වරුවේ පැවති උත්සවයකට එක් වෙමින්.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100ක සූර්යබල ශක්ති එක්කිරිම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.