වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙරට ළමුන් විදෙස් රටවලට යාම වෙනුවෙන් රුපියල් මිලියන හත්දහසක් වැයකර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (21) අයවැය කාරක සභා විවාදය අතරතුර අනාවරණය වුණා.
එ් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දත්තවලට අනුවයි.
උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මක් කිරිඇල්ල සඳහන් කළේ ආයතන 26කින් වෛද්‍ය අධ්‍යාපනය සඳහා ළමුන් විදෙස් ගතවන බවයි.
ඔවුන් වැඩි වශයෙන් ගොස් ඇත්තේ බංලාදේශය, කසකස්ථානය, හා චීනය යන රටවලට බවද මෙහිදී අනාවරණය වුණා.
මෙවැනි මුදලක් රටේ ආරක්ෂා කර ගැනීම සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය වන බවයි අමාත්‍ය ලක්ෂ්මක් කිරිඇල්ල කියා සිටියේ.
මේ අතර කෘෂිකර්ම, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ මෙන්ම ප්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් අද (22) විවාදයට ගැනෙනවා.