ඉකුත්දා නොසන්සුන්තාවක් ඇතිවූ ගාල්ල ගිංතොට ප‍්‍රදේශයේ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ ශ‍්‍රමදාන වැඩසටහනක් අද (22) පැවැත්වෙනවා.
ප‍්‍රදේශයේ ඇති සුන්බුන් ඉවත් කරමින් සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදුකිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්ගේ උපදෙස් මතයි.
ඒ පිළිබඳ අදහස් දක්වන ගිංතොට ථූපාරාම රජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරි අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් සඳහන් කළේ "මෙම ස්ථානවල ඇති හානි නිරීක්ෂණය කරමින් සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කරනවා. මේ සිද්ධිය නිසා තවමත් වසා ඇති කඩ සාප්පු නැවත විවෘත කර ඔවුන්ගේ එදිනෙදා කටයුතු යළි නිසි පරිදි සිදු කර ගැනීමට මෙම වැඩසටහන හරහා ශක්තියක් ලබා දෙන්න අරමුණයි." යනුවෙනි.
ගිංතොට ප‍්‍රදේශයේ ඉකුත්දා ඇතිවූ නොසන්සුන් තත්ත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.