Wednesday, May 15, 2024

General line - 0115112241

ජවිපෙට පුළුවන් නම් දෙමළ ජනතාවට බැරි ඇයි ලු




මහවිරු සතිය සැමරීමට සියලු දෙනා එක්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පලාත් සභා මන්ත්‍රි එම්. කේ. සිවාජිලිංගම් පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණට සහ වෙනත් සංවිධානවලට සිය සැමරුම් සඳහා අයිතියක් ඇත්නම් දෙමළ ජනතාවටත් අයිතියක් ඇති බවයි සිවාජිලිංගම් සඳහන් කරන්නේ.

එලඹෙන 27 වැනිදා මහවිරු දිනයේදී සියලු දෙනා එක්ව මිය ගිය පනස්දහසකට අධික මහවිරුවන් හා ලක්ෂයකට අධික සාමාන්‍ය වැසියන් සිහිකොට සැමරීම් සිදු කළ යුතු බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ ඊයේ (21) යාපනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින්.

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "ලංකාවට නිදහස ලැබුනු දවසේ සිට දෙමළ ජනතාවට සාමකාමීව ගිවිසුම් මගින් විසඳුමක් නොලැබුනු නිසා තමයි දෙමළ තරුණයින් ආයුධ අතට ගත්තේ. එහෙම ආයුධ අරගෙන විශාල පිරිසක් මිය ගියා.. එහෙම මිය ගියපු අයගෙන් මුල්ම කෙනා මිය ගියේ 1982 නොවැම්බර් මාසයේ 27 වැනිදා. සත්‍යනාදන් ශංකර් නැමති සාමාජිකයාගේ ජීවිතය නැතිවුනේ ඒ දිනයේ. ඒ දිනය කොටි සංවිධානය දිගටම සැමරුවා.  ජනතා විමුක්ති පෙරමුනත් මිය ගියපු රෝහණ විජේවීර සහෝදරයා සමරන්නේ.." යනුවෙනි.