Wednesday, May 15, 2024

General line - 0115112241

පාසල් කල්ලිය අල්ලයි

කේ. ප්‍රියංකර - පුත්තලම




රාත‍්‍රි කාලයේ වෙළඳසැල්වලට හොරෙන් ඇතුළු වී එහි දේපළ සහ මුදල් සොරා ගන්නා පාසල් සිසුන් සිව්දෙනකු වනාතවිල්ලූව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පාඩම් කිරීම සඳහා තම මිතුරන්ගේ නිවෙස් වෙත යන බව පවසා ඔවුන් මෙලෙස භාණ්ඩ සොරාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සිසුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.