Thursday, September 19, 2024

General line - 0115112241

දසමහා යෝධයන්ට පණපොවන සුපිරි පරිගණක ක්‍රීඩාවක් කරළියට(VIDEO)



අප ඉතිහාසයේ සිටි විරුවන් පිළිබඳ අප හැමවිටම කතා කරන්නේ මහත් අභිමානයෙන්..

දසමහා යෝධයන් ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

කෙසේ වෙතත් අප ඉතිහාසයේ සිටි මෙවැනි චරිත යොදාගෙන නිර්මාණය කරන පරිගණක ක්‍රීඩාවක් පිලිබඳ පුවතක් මේ වන විට වාර්තා වනවා.

“කංඡායුධ” ලෙස නම් කර ඇති මෙම ක්‍රීඩාවේ ඇති සුවිශේෂිත්වය වන්නේ මෙය නිර්මාණය කරන්නේ ශ්‍රීලාංකික නිර්මාණකරුවන් පිරිසක් වීමයි.

මෙහි ප්‍රධාන චරිතය දසමහා යෝධයන් අතර නන්දිමිත්‍ර යොදාගෙන තිබෙන බවයි නිර්මාණකරුවන් පවසන්නේ.

මෙම ක්‍රීඩාව මෙර පරිගණක ක්‍රීඩා ලෝලින්ගේ ආකර්ශණය ලබා ගැනීමට සමත් වනු අතැයි නිර්මාණකරුවන්ගේ බලාපොරාත්තුවයි.

පසුදිනෙක මෙම වීඩියෝ ක්‍රීඩාවට සම්බන්ධ වීඩියෝවක් නිකුත් කිරිමටද ඔවුන් කටයුතු කර තිබුණා.

එම වීඩියෝවට සමාජජාලා තුලින් හිමිවි තිබුණේ ඉහළ ප්‍රතිචාරයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න

මෙම ක්‍රීඩාවේ නිර්මාණකරුවන් දක්වන අදහස් පහතින් නරඹන්න