ඉන්දියාව සමග පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ශ්වසන ආබාධවලට ලක්වූ දිල්ලි ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ, අදාළ තරගයේ දී ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් ද අපහසුතාවලට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව දිල්ලි ක්‍රීඩාංගණයේ වායුගෝලයේ තත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමු කරනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
ඒ සඳහා වෛද්‍යවරුන්ගේ ද උපදෙස් ලබාගනු ඇති.
ඉන්දියාව සමග පැවති තුන්වන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියට පිවිසියේ මුඛ වාඩම් පැළඳගෙනයි.