Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියකු දළදා වඳින්න ආ ගුවන් යානයේ කාර්මික දෝශයක්! මෝදි ආ අවස්ථාවේදීත් එයම සිදුවෙයි

චන්දන උඩුවාවල




ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් බිරේන්ද්‍ර සිං දානෝ අද (13) පෙරවරුවේ මහනුවරට  දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැදපුද ගත්තා. ඔහු පැමිණි ගුවන් යානය කර්මික දෝෂයකට ලක්වීම නිසා වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගොස් තිබෙනවා. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම හෙලිකොප්ටර් යානය මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගනයේ නවතා තිබෙනවා. 

ඉන්දීය අගමැතිවරයා ඉකුත් මැයි මාසයේදී මෙරටට පැමිණ, දළදා සමිඳු වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේද ඔහු පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයද කාර්මික දෝශයකට ලක්වුණා.