Thursday, September 19, 2024

General line - 0115112241

චමල්ට දෙන්න ඇමතිකමක් ජනපති අතේ..!



හිටපු කතානායක සහ රාජපක්ෂ පවුලේ ජේ්‍යෂ්ඨයා වන චමල් රාජපක්ෂ මහතාට ඇමති තනතුරක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැමැත්තෙන් සිටින බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

‘හොඳ දේශපාලන නායකයෙකු වන චමල් රාජපක්ෂ මහතා බාරගන්නවා නම් , ඇමති තනතුරක් ඕනෑම මෙහොතක දෙන්න ජනාධිපතිතුමා සූදානම්. චමල් රාජපක්ෂ මහතා  හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්න කැමතියි. නමුත් එතුමාට ඒක හරියට කරන්න ඇතැම් අය ඉඩදෙන්නේ නැහැ. ඒ නිසයි මම හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ නව සම සභාපතිවරයා ලෙස එම ධූරය භාර ගත්තේ ‘ යැයි කොළඹදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවා.