Friday, May 3, 2024

General line - 0115112241

ලංකාව අසරණ කරමින් ඉන්දියාව ජය ගනී (UPDATE)




ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගයේ ජය හිමිකර ගැනීමට ඉන්දියාව මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ අනුව තරගාවලි ජයද ඉන්දියාවට හිමි වුණා.

ඉන්දියාව මෙම ජයග්‍රහණය වාර්තා කළේ පාන්දුවාර 32යි එක් පන්දුවක් තුළ කඩුලු 02ක් දැවී ලකුණු 219ක් වාර්තා කරමින්.

ඉන්දීය ඉනිම වෙනුවෙන් ශිකර් දවාන් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා.

--------------------------------------------

පන්දුවාර ඉතුරුයි - ශ්‍රී ලංකා සියලු ක්‍රීඩකයන් දැවී යයි

(17-12-2017 17:00)

 

ඉන්දියාව සමග පැවැත්වෙන 3 වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගයේ ශී‍්‍ර ලංකා පළමු ඉනිම මීට නොබෝ වේලාවකට පෙර ලකුණු 215 කට සීමා වුණා.

ඒ. පන්දුවාර 44 යි පන්දු 5ක් තුළයි.

උපුල් තරංග ලකුණු 95 යි. සදීර සමරවික‍්‍රම ලකුණු 42 ක් රැස් කළා.

වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 17 සීමාව පසුකර යාමට නොහැකි වුණා. පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් සහ යෂ්වේන්ද්‍ර චාහල් කඩුළු 3 බැගින් බිඳ හෙළුවා. 

----------------------------------------------

කාසියේ වාසිය ඉන්දියාවට (UPDATE)

(17-12-2017 13:11)

 

ඉන්දියාව සමග අද පැවැත්වෙන එක්දින තරගයේ කාසියේ වාසිය ඉන්දියාව දිනාගෙන තිබෙනවා. ඔවුන් පළමුව පන්දු රැකීමට තීරණය කරනවා.

-------------------------------------------

අද තරගය ගැන තිසර කියන කතාව

17-12-2017 11:56

ඉන්දියාව සමග අද පැවැත්වෙන එක්දින තරගයට ශක්තිමත් මානසිකත්වයකින් යුතුව සහභාගී වන බව ශ‍්‍රී ලංකා නායක තිසර පෙරේරා පවසනවා. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ ශිකර් ධවාන් පැවසුවේ ධර්මසාලාහි පැවති මෙම තරගාවලියේ පළමු තරගයේ දී තමන්ගෙන් සිදු වූ අතපසුවීම් මෙම තරගයේ දී නැවත සිදුවීමට ඉඩ නොතබන බවයි. 

තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළා. දෙවන තරගය ජය ගත්තේ ඉන්දියාවයි. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරයන් වනු ඇති. 
-------------------------------------------------------

තීරණාත්මක තරගය අදයි

17-12-2017 06:42

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (17) පැවැත්වෙනවා. දිවා - රාත‍්‍රී තරගයක් වන මෙය ඉන්දියාවේ විශාකාපට්නම්හි රාජසේකර රෙඩ්ඩි ක‍්‍රීඩාංගණයේ දී ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 1.30ට පමණ ආරම්භ වීමට නියමිතයි. 

මෙම තරගාවලියේ පළමු තරගය ශ‍්‍රී ලංකාව ජයගත්තා. දෙවන තරගය ජයගත්තේ ඉන්දියාවයි. ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගන්නවා.