Thursday, September 19, 2024

General line - 0115112241

‘කබාලි‘ නිසා අද දකුණු ඉන්දියාවට නිවාඩු!



සුපිරි දකුණු ඉන්දීය නළු රජිනිකාන්ත්ගේ නවතම චිත්‍ර‍ටය වන කබාලි අද සිට ලෝ පුරා තිරගත වීම ඇරඹෙනවා.

රජිනිකාන්ත්ගේ ඉතා දැඩි කැමැත්තක් දක්වන දකුණු ඉන්දියානුවන් ඔහුගේ මෙම චිත්‍ර‍පටය නිකුත්වනතෙක් සිට ඇත්තේ නොඉවසිල්ලෙනුයි.

මේ නිසාම ඉන්දියාවේ සමාගම් හා ව්‍යාපාරික ආයතන විසින් ඔවුන්ගේ සේවකයන්ට අද දින නිවාඩු ලබාදී තිබෙනවා.

එමෙන්ම බොහෝ සමාගම් විසින් ඒවායේ සේවකයන්ට කබාලි නැරඹීම සඳහා නොමිලේ ප්‍රවේශපත්ද ලබාදී තිබෙනවා.

එයාර් ඒෂීයා ගුවන් සමාගම විසින් අද දිනයේ බැංගලොර් සිට චෙන්නායි දක්වා කබාලි නමින් විශේෂ ගුවන් යානයක් ක්‍රියාත්මක කර තිබෙන අතර ගුවන් ගමන් අතරතුරදී රජිනිකාන්ත්ගේ ප්‍රියාතම ආහාර වර්ග මගීන්ට පිළිගන්වීමටද කටයුතු යොදා තිබෙනවා.

රජිනිකාන්ත්ගේ මෙම චිත්‍ර‍පටයේ කබලේශ්වරම් නැමැති ප්‍ර‍ධාන චරිතයට පණ පොවන අතර එය කම්කරු පංතිය නියෝජනය කරන කතා පුවතක් රැගත් චිත්‍ර‍පටයක් බවයි සඳහන් වන්නේ.