Sunday, May 5, 2024

General line - 0115112241

කවුඩුල්ලේ සෙනග පිරේ (PHOTOS)

රොමේෂ් මධුෂංඛ




කවුඩුල්ල ජාතික වනෝද්‍යානය මේ දිනවල දෙස් විදෙස් සංචාරකයිනගෙන් පිරී පවතිනවා. 

2017 වසරේ මෙතෙක් ලැබූ ආදායම පමණක් රුපියල් ලක්ෂ 2560 කට අධික බවයි කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරා ඩබ්ලිව්. ජේ. කේ. හේරත් සඳහන් කරන්නේ.

හෙක්ටයාර් 6200 ක භූම වපසරියකින් යුතු කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හෙකටයාර් 8300 ක පමණ භූමියකින් යුත් කවුඩුල්ල මින්නේරිය වනපිවිසුමත් හෙක්ටයාර් 8300 ක් වූ විශාල මින්නේරි ජාතික වනෝද්‍යානයත් හෙක්ටයාර් 9100 ක් වූ සෝමාවති ජාතික වනෝද්‍යානයෙනුත් වටවී තිබෙනවා.

වනඅලින් දිනකට 500 ත් 600 ත් අතර ප්‍රමාණයක් සංචාරකයින්ට ඉතා සමීපව නැරඹීමට මෙහිදී අවස්ථාව හිමි වන නිසා කවුඩුල්ල ජාතික වනෝද්‍යානය සංචාරකයින් අතර ජනප්‍රිය වී පවතිනවා.