Thursday, September 19, 2024

General line - 0115112241

මහින්දගේ ‘නම‘ රනිල් රැකගනී!



හම්බන්තොට වරායේ හා මත්තල ගුවන් තොටුපළෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරීමට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය නායකයන් පිරිසක් කළ ඉල්ලීම ඉවත දැමීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේය.

චීන ආයෝජන යටතේ හම්බන්තොට කර්මාන්ත පුරය ආරම්භ කිරීමත් සමගම එහි ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක් ලෙස සැලකෙන වරාය හා ගුවන් තොටුපළෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රදේශිය දේශපාලනඥයෝ පිරිසක් ඉල්ලා සිටියහ

එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා ඒ විගසම ඔවුන්ට දැනුම් දුන්නේය.