Sunday, May 5, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ අභියාචනාධිකරණයට

අධිකරණ වාර්තාකරු




මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අභියාචනාධිකරණයට අද (20) පෙත්සමක් ගොනු කළා.

ඒ, එම පක්ෂයේ සාමාජිකයින් 05 දෙනෙකු විසින්.

එම පෙත්සමෙන් මහනගර සභාව භාරව සිටි සහකාර මැතිවරණ කොමසාරිස්වරිය ඇතුළු පාර්ශ්ව 04ක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

නියමිත කාන්තා නියෝජනය නොමැති බව පවසමිනුයි ඉකුත් 14 වැනිදා පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප‍්‍රතික්ෂේප කෙරුණේ.