Sunday, May 5, 2024

General line - 0115112241

සැම්බියාවෙන් ගෙන්වා පැකට් කරද්දී ඇල්ලූ මත්ද්‍රව්‍යමය ශාඛ (PHOTOS)




සැම්බියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා පැකට් කරමින් සිටි මත්ද්‍රව්‍යමය ශාඛ කොටස් කිලෝ 542ක් කොළඹ ස්ථානයකදී වටලා තිබෙනවා.

නාගලන්වීදිය කොළඹ 14 ප්‍රදේශයකදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමේදී අනාවරණය වී ඇත්තේ මෙම මත්‍ද්‍රව්‍යමය ශාඛ කොටස් අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය යන රටවල් වෙත ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් වී සිටි බවයි.

මුද්‍රණාලයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති මෙම ආයතනය තුළ ඇසුරුම් කටයුතුවල නිරත වෙමින් සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් වයස අවුරුදු 31 සහ 18 යන වයස් කාණ්ඩවල පසුවන්නන්.