Thursday, September 19, 2024

General line - 0115112241

අත්පොලොසන් දීම තහනම් වන නීතියක්!



ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසලක සිසු සිසුවියන්ට අත්පුඩි ගැසීම තහනම් කර ඇතැයි එරට වාර්තාවක් සඳහන් කරයි.

පාසල් බලධාරින් මෙම තීරණයට එළඹීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ සමහර සිසුන් ශබ්ද හේතුවෙන් මානසික පීඩාවන්ට ලක් වන බවය

අත්පොලොසන් ගැසීම වෙනුවට නිශ්ශබ්දතාව රැකෙන අන්දමින් සතුට ප්‍රකාශ කිරීම සඳහා වෙනත් ක්‍රමවේදයන් හඳුන්වා දීමට පියවර ගැනීමට සැලසුම් කරන බව පාසල් බලධාරින් පවසා ඇත.

මෙවන් පියවරක් පාසල් පද්ධතියට ඇතුළත් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මාධ්‍යයෙන් ඊට විරෝධතා ප්‍රකාශ වී ඇති බවත් වාර්තා වේ.