Friday, September 20, 2024

General line - 0115112241

ජෙරුසෙලම ගැන අමෙරිකාවේ යෝජනාව පරාජය වෙයි! (UPDATE)

ඩිල්ෂාන් මඩවල




ජෙරුසෙලම, ඊශ‍්‍රායලයේ අගනගරය ලෙස පිළිගනිමින් ඇමෙරිකාව කළ ප‍්‍රකාශයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවේදී ශී‍්‍ර ලංකාවද එම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහේෂිනි කොළොන්නේ නෙත් නිවුස් කළ විමසීමකදී ඒ බව තහවුරු කළා. 

ජෙරුසෙලම ඊශ‍්‍රායලයේ අගනගරය ලෙස පිළිගන්නා බව අමෙරිකාව ප‍්‍රකාශ කළේ ඉකුත් 6 වනදායි. එදින පටන්ම මෙම ප‍්‍රකාශය ලොවපුරා දැඩි කතාබහට ලක්වුණා. ඒ මෙම ප‍්‍රකාශය කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් බවද ඇමෙරිකාව සීමාව ඉක්මවා කටයුතු කරමින් සිටින බවද පෙන්වා දෙමින්. කෙසේවෙතත් ජෙරුසෙලම ඊශ‍්‍රායලයේ අගනගරය ලෙස පිළිගන්නා බවට අමෙරිකාව කළ ප‍්‍රකාශයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එහිදී පරාජය වුණා.

ඒ, එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ රටවල් 14ක්ම ඊට පක්‍ෂව ඡන්දය ලබාදුන්නත් ඇමෙරිකාව සිය නිශේද බලය යොදා ගනිමින් එම යෝජනාවට විරුද්ධවීම නිසායි. එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේදී එලෙස නිශේද බලය යොදා ගැනීමට කිසිවෙකුටත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. ජෙරුසෙලම ඊශ‍්‍රායලයේ අගනගරය ලෙස පිළිගන්නා බවට අමෙරිකාව කළ ප‍්‍රකාශයට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාව එහිදී සම්මත වුයේද ඒ අනුවයි.

ශී‍්‍ර ලංකාවද ඇතුළුව රටවල් 128 ක් එම යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබාදුන්නා. විරුද්ධව ඡන්දය ලබාදුන්නේ ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලයද ඇතුළුව රටවල් 9 ක් පමණයි.  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, මෙක්සිකෝව ෆිජි සහ භූතානය ඇතුළු රටවල් 35 ක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා. 

සම්මත වූ යෝජනාවෙන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය ඇමෙරිකාවට බලකර සිටින්නේ ජෙරුසෙලම, ඊශ‍්‍රායලයේ අගනගරය ලෙස පිළිගනිමින් කළ ප‍්‍රකාශය ශුන්‍ය කරන ලෙසයි.  එම යෝජනාව සම්මත කිරීමට සහාය වූ සියළු රටවලට ස්තුතිය පළ කර තිබෙනවා. 
 

--------------------------------------------

ජෙරුසෙලම ගැන අමෙරිකාවේ යෝජනාව පරාජය වෙයි

22-12-2017 07:13

ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම්කිරීමට අමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ යෝජනාවට එරෙහි යෝජනාව ඡන්ද 128කින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී තිබෙනවා. 

ශ්‍රී ලංකාවද මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී තිබෙනවා.