Sunday, May 19, 2024

General line - 0115112241

වසර 100කට පෙර අතුරුදන් වූ සබ්මැරීනයක් හමුවෙයි (PHOTOS)




පළමු ලෝක යුද සමයේදි අතුරුදන් වූ  ඕස්ටේ‍්‍රලියානු සබ්මැරීනයක සුන්බුන් දීර්ඝ කාලීන ගවේෂණයකින් පසු සොයාගෙන තිබෙනවා. ඒ, පැපුවා නිව්ගිනියාවට අයත් ඩියුක් ඔෆ් යෝක් දූපතට ආසන්න ප‍්‍රදේශයකදීයි.

පළමු ලෝක යුද්ධයේදී මිත‍්‍ර රටවලට අහිමි වූ පළමු සබ්මැරීනයද මෙය වනවා.   ඕස්ටේ‍්‍රලියානු සහ බි‍්‍රතාන්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 35 දෙනෙකු සමගයි මෙම සබ්මැරීනය අතුරුදන් වුණේ. ඒ, 1914 වසරේ සැප්තැම්බර් මස 14 වනදායි.