Saturday, May 11, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවත් ට්‍රම්ප්ට එරෙහි වෙයි! යෝජනාව සම්මතයි.. ට්‍රම්ප්ට ලොව රටවල අප්‍රසාදය (VIDEO) (PHOTO)

ජගත් සංවිධාන නිල වෙබ් අඩවිය ඇසුරෙන්




අමෙරිකාව විසින් පසුගියදා ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට සිදුකළ නිවේදනය ඉවත් කර ගතයුතු බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අතිබහුතර මනාපය මත සම්මත වී තිබෙනවා.

අදාළ යෝජනාව මහා මණ්ඩලය විසින් විවාදයට ගෙන ඇත්තේ ඊට පක්ෂ වන රටවලට ලබාදෙන ආධාර කපා හරින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟ වූ පසුබිමකයි.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර බවට අමෙරිකාව ප්‍රකාශයට පත් කිරීමත් සමග අරාබි රටවල නායකයින් ඒකාබද්ධ ඉල්ලීමක් කරමින් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට දැනුවත් කළා.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මෙම හදිසි සාකච්ඡාව කැඳවා තිබුණා.

එහිදී අදාළ  යෝජනාව සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව රටවල් 128 ක් ඡන්දය භාවිත කර තිබෙනවා.

චීනය, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, එක්සක් අරාබි එමීර් රාජ්‍ය මෙන්ම ශ්‍රී ලංකාව ද අමෙරිකාවට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ රටවල් අතරට එක්වනවා.

යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කළේ, අමෙරිකාව, ඊශ්‍රායලය ඇතුලු රටවල් 9 ක් පමණයි.

රටවල් 35 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මේ අතර අදාළ ඡන්ද විමසීමෙන් පසු ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊට ප්‍රතිචාර දැක්වූවා.

ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එම යෝජනාව තමන් කිසිසේත් පිළිනොගන්නා බවයි.

සම්මත වූ යෝජනවා තමන් තරහේ හෙළා දකින බවද ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

කෙසේ වෙතත් අදාළ යෝජනාව සම්මත කර ගැනීමට දායක වූ සියලු රටවලට පලස්තීනය සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

මේ අතර මීට සමාන යෝජනාවක් පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ලයේදී පරාජයට පත් කෙරුණා.

ඊට හේතුව වන්නේ ආරක්ෂක මණ්ඩලයේ සෙසු රටවල් 14 ම ඊට පක්ෂව ඡන්දය භාවිත කළත් අමෙරිකාව සිය නිශේධ බලය යෙදවීමයි.

වැඩි විස්තර මෙතැනින් බලන්න