Friday, September 20, 2024

General line - 0115112241

රාජකාරියේ නියුතු මාධ්‍යවේදීන් 62ක් මැරුම්කයි

චම්ලි ඒකනායක




2017 වසරේදී ලොව පුරා මාධ්‍යවේදීන් 62කු ඝාතනයට ලක්ව තිබෙන බව CPJ (committee of protect journalists) ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වනවා. ඉන් 17 දෙනකු මියගොස් ඇත්තේ යුද බිමේ වාර්තාකරණයේ නියැලෙමින් සිටියදී වෙඩි හුවමාරූන්ට ලක්වීම හේතුවෙනි. ඒ අතරින් වැඩි පිරිසක් ඝාතනය වී ඇත්තේ සිරියාවේදී සහ ඉරාකයේදීය.

ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් අතුරින් 10 දෙනකු කාන්තාවන් වනවා.

මාධ්‍යවේදීන් නොවන මාධ්‍ය ආයතනයන්හි රාජකාරි කරන ලද තවත් 20 දෙනකු පමණද ඝාතනයට ලක්ව ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.