Friday, May 3, 2024

General line - 0115112241

ඌරුබොක්ක කොළඹ බසය දෙදෙනෙකුට මරු කැඳවමින් ප්‍රපාතයකට පෙරලෙයි (PHOTOS)




රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ පතුල්පාන ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි පොලීස් මූලස්ථානය පවසන්නේ.

තුවාල ලැබූවන් රත්නපුර සහ කහවත්ත රෝහල්වලට ඇතුළත් කෙරුණා. අද අලූයම 2.10 ට පමණ අනතුර සිදුව තිබෙනවා.

අනතුරට ලක්ව ඇත්තේ ඌරුබොක්ක සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථයක්.