Friday, May 3, 2024

General line - 0115112241

උත්සව සමයට රට පුරා බෙදන්න කරන දඹුල්ලේ පණුවන් ගැසූ කුණු අල ළූණු ජාවාරම (PHOTOS)

චම්ලි ඒකනායක/ කාංචන ආරියදාස




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට සම්බන්ධ ව්‍යාපාරිකයින් පිරිසක් මේ දිනවල පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ළූණු වලින් තෝරා ගත් ඒවා වෙන්කර අළෙවි කිරීමට සූදානම් කිරීමේ ජාවාරමක් කෙරෙමින් පවතිනවා. අදාල ගබඩා සංකීර්ණ අසලින් යාමට පවා නොහැකි තරමට දුර්ගන්ධයද හමමින් පවතිනවා. මේ පිළිබඳ කරණ ලද අණාවරණයෙන් පසු සෞඛ්‍ය බලධාරීන් වැටලීමක්ද කරනු ලැබුවා.

ප්‍රදේශයේ රැකියා විරහිත කාන්තාවන් යොදාගනිමින් පරිභෝජනයට නුසුදුසු ආනයනික අර්තාපල් සහ ලෙකු ළූණු වෙන් කිරීම සිදුකරනා අයුරු දක්නට ලුබුණ බවයි අප වාර්තාකරු පැවසූවේ. මෙම අල ළූණු පරිභෝජනයට නුසුදුසු බැවින් වරායෙන් ඉවත් කරන ලද බහාලුම් බවද පැවසෙනවා. ඒ සම්බන්ධයෙන් බලධාරීන් කළ විමසීමේදී ගබඩා අයත් ව්‍යාපාරිකයින් කිසිවෙකුටත් එසේ නොවන බවට තහවුරු කිරීම සඳහා කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කරන්නටද සමත් වී නැත.

කෙසේ වෙතත් දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙළඳුන් දඹුල්ලට පැමිණ තොග වශයෙන් භාණ්ඩ රැගෙන යන බැවින් මෙම පරිභෝජනයට නුසුදුසු ආහාර රටේ සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වීමේ අවධානමක් පවතිනවා. එබැවින් දිවයින පුරා සිටින සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුය. එසේ නොවන්නේ නම් උත්සව සමයේදී ජනතාව මෙම කූට වෙළඳුන්ගේ ග්‍රහණයට හසුවනවා පමණක් නොව ලෙඩ රෝග වලටද මුහුණ දීමේ අවධානමක් පවතිනවා.