Friday, May 3, 2024

General line - 0115112241

පොහොට්ටුවේ තරුණ නායකයින්ට නායකත්ව පුහුණුවක් (PHOTOS)




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර පළාත් පාලන ඡන්ද විමසිමට ඉදිරිපත් වන සියළුම දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්‍ෂ කාර්යාලයේදියි. පොදුජන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට තරග කරන පක්‍ෂවල නායකයන් ඒ සදහා එක්ව සිටිනවා. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට තරග කරන තරුණ අපේක්‍ෂකයන් වෙනුවෙන් සංවිධාන කෙරුණු වැඩමුළුවක් මීගමුව කොච්චිකඩේ රැනෝවෙල් හෝටලයේදී අද දවස පුරා පැවැත්වෙනවා.

"මෙවර පළාත් පාලන මැතිවරණයට තරුණ අපේක්ෂකයින් 550ක් පමණ අපි ඉදිරිපත් කරල තියෙනව. ඒ සියළුදෙනාට නායකත්ව පුහුණුවක්, මැතිවරණ නීති රීති සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්, ඇතුළු අනාගත නායකයකු බිහිකරන්න හොඳ අඩිතාලමක් දාල දෙනව මේකෙන්" යැයි  පක්‍ෂයේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් වැඩිදුරටත් පැවසුවා.