Friday, September 20, 2024

General line - 0115112241

ටෙම්බින් පිලිපීනයට ඇතුල්වී ජීවිත 100 ක් බිලි ගනී

බී.බී.සී ඇසුරෙන්




පිලිපීනයේ මින්දනාවෝ දූපත හරහා හමාගිය වැසි සහිත කුණාටුවේ බලපෑම් හේතුවෙන් මියගිය ගණන සියය ඉක්මවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

අධික වැසි හේතුවෙන් හදිසි ගංවතුර, නායයාම් මෙන්ම පස් කඳු කඩාවැටීම් ද සිදුව තිබෙනවා.

වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ටුපොයිඩ් හා පියාගැපෝ නගරවලටයි.

ගල් පර්වත කඩා වැටීම හේතුවෙන් එම නගරවල නිවාස රැසක් බිමට සමතලා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සහන්.

ටෙම්බියන් නමැති මෙම සුළි කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 80ක පමණ වේගයෙන් සුළං හමා තිබෙනවා.

මේ වනවිට එම කුණාටුව පලවාන් දූපත දෙසට ගමන් කරමින් පවතින බවයි එරට කාලගුණික අංශ ප්‍රකාශ කර ඇත්තේ.

අඛණ්ඩව පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට ද බාධා එල්ල වී ඇති බව සහන්.