Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී නාග විහාරාධිපති හෙවත් යාපනය ලොකු හාමුදුරුවන්ගේ අවසන් කටයුතු සිදු කෙරේ (PHOTOS)




ශාමෝපාලී මහානිකායේ මල්වතු පාර්ශ්වයේ උත්තර දිසාවේ ප්‍රධාන සංඝනායක යාපනය ශ්‍රී නාගවිහාරාධිපති අතිපුජ්‍ය මීගහජදුරේ ඥානරතන ස්වාමීන් වහන්සේගේ අවසන් කටයුතු යාපනය නගර සභා පිටියේදී සිදු කෙරුණා.

ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති කරලීමට මහත් සේ ඇප කැප වෙමින් කටයුතු කළ ඥානරතන ස්වාමීන් වහන්සේ, උතුරේ මෙන්ම දකුණේද ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි දියුණු කිරීමට මහත් වෙහෙසක් ගනු ලැබුවා.

1991 වර්ෂයේ සිට ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වහන්සේ ලෙසින් කටයුතු කල පුජ්‍ය මීගහජදුරේ ඥානරතන හිමියන් 'යාපනය ලොකු හාමුදුරුවන්' ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබුණා.

1967 වර්ෂයේ උපත ලැබූ මහනාහිමියන් අපවත් වන විට 50 වැනි වියේ පසුවුවා.