Monday, May 13, 2024

General line - 0115112241

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් ජය පැන් බොමින් නත්තල සැමරූ හැටි (PHOTOS)

සුපෙම් මානගේ - අන්තර්ජාලය ඇසුරෙන්




ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන 20 යි 20 තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම  ඊයේ (24) සමත්වුනා. 

කාසිය වාසිය දිනූ ඉන්දීයාවේ  ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ  කඩුලු 7ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න පන්දු 37කදී ලකුණු 36ක් ලබා ගත්තේ හතරේ පහර 3ක් සමඟින්.

අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ දසුන් ශානක දැවැන්ත හයේ පහර  2ක් ද  සමගින් පන්දු 24 කින් නොදැවී ලකුණු 29ක් ලබාගත්තා.  

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ කඩුළු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. 

මනීෂ් පාන්ඩේ ලකුණු 32 ක් සහ ශ්‍රෙයාස් අයියර් ලකුණු 30 ක් ලබාගත්තා. 

මේ අනුව තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ ජය 3 ට බින්දුවක් ලෙස ඉන්දියාවට හිමිවුණා.

වසර අවසානයේ ලැබූ දැවැන්ත ජයග්‍රහණයෙන් ප්‍රීතියට පත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් නත්තලද සිහි කරමින් සිය සතුට සමරනු ලැබුවා.