Monday, October 21, 2024

General line - 0115112241

කුක් මහේල පසුකර යයි




සත්කාරක  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිව්වන තරගයේදී ශතකයක් වාර්තා කිරීමට එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයාර් කුක් අද (27) සමත් වුණා. දෙවන දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු දෙකක් දැවී ලකුණු 192 ක් ලබාසිටියා. ඒ,  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 327 ට පිළිතුරු වශයෙන්.

ඇලෙස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 104 යි. මෙම ශතකයත් සමග වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතර 8 වන ස්ථානය හිමිකර ගැනීමටද ඔහු සමත් වුණා. ඇලෙස්ටෙයාර් කුක් 8 වන ස්ථානයට පැමිණියේ ටෙස්ට් ලකුණු 11,814 ක් ලබා සිටි මහේල ජයවර්ධන පසු කරමින්. මෙම තරගය පැවැත්වෙන්නේ මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීයි.