Monday, October 21, 2024

General line - 0115112241

ලෝක කුසලානයට යන පොඩ්ඩන් (PHOTOS)

කසුන් කැලුම්




ලබන වසරේ නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කී‍්‍රඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ කමිදු මෙන්ඩිස්.

මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ජෙහාන් ඩැනියෙල් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම් උප නායකයා ලෙස කටයුතු කරනවා.

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන ජනවාරි මස පළමුවැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

රටවල් 16ක් තරග වදින මෙවර තරගාවලියේදී ශී‍්‍ර ලංකාව 'ඩී' කාණ්ඩයෙන් තරග වදිනවා. ඊට ඇෆ්ගනිස්ථානය, අයර්ලන්තය සහ පාකිස්තානය ඇතුළත්.

ශී‍්‍ර ලංකා යොවුන් පිල සහභාගි වන පළමු තරගය ජනවාරි මස 14 වැනිදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.