Sunday, October 20, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමිවූ තරග මුදලත්  නෑ - සියලු තොරතුරු මෙන්න 

සඳුන් සූරියවැව




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වූ  T 10 ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ  කලම්බු ලයන්ස් නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් තරග මුදල් ලබාදී නොමැති බව වාර්තා වනවා.

එහි නායකත්වය  දිනේෂ් චන්දිමාල් විසින්  දරනු ලැබුවා.

මෙහිදී වෙනත් රටවල ප්‍රධාන ක්‍රීඩකයෙකු සඳහා අමෙරිකානු ඩොලර් 35000ක් ගෙවනු ලැබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සහභාගී කරවූ මුළු කණ්ඩායමටම ලබාදී ඇත්තේ අමෙරිකානු ඩොලර් 25000ක් පමණයි.

එම මුදල හෝ කණ්ඩායමට ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි වාර්තා වන්නේ.

ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ  ශ්‍රී ලංකා කණ්ඩායම - දිනේෂ් චන්දිමාල් (නායක), ෂෙහාන් ජයසූරිය, දිල්ෂාන් මුණවීර, රමිත් රඹුක්වැල්ල, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, ඇනජලෝ පෙරේරා, තික්ෂිල ද සිල්වා, විෂ්ව ප්‍රනාන්දු, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුසංක, ළහිරු මදුශංක, කසුන් මදුශංක, කිතුරුවන් විතානගේ, අසංක සිල්වා.