Friday, September 6, 2024

General line - 0115112241

තේ ගැටලුව විසඳුනත් 'සිලෝන් ටී' කීර්ති නාමයට වෙලා තියෙන දේ




තේ අර්බුදය තාවකාලිකව විසඳුනද ඉන් මෙරටට සිදුවූ පාඩුව අති විශාල බව කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය පවසනවා.

එහි සභාපති ලාල් පේ‍්‍රමනාත් නෙත් නිවුස් වෙත කියාසිිටියේ මේ හේතුවෙන් ලබන මාස දෙකේදි අමු තේ දළු කිලෝවක මිලද සීග‍්‍රයෙන් පහත වැටෙනු ඇති බවයි. ඒ අනුව මෙතෙක් අමු තේ දළු කිලෝ එකක් රැපියල් 100ක් වැනි මිලකට ලබාගත් බවත් ඉදිරියේදී එය රුපියල් 30ත් 40ත් අතර මිලක් දක්වා අඩු විය හැකි බවයි සඳහන් කෙරුණේ.

මේ සදහා ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය වගකිවයුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. තවද 'සිලෝන් ටී' නැමැති කීර්ති නාමයට සිදු වූ හානිය හා පාඩුව යළි කිසිදිනෙක මකාලිය නොහැකි වෙනු ඇති බවද පැවසුවා. ඉදිරියේදී අනකේ රටවලුත් ශ්‍රී ලංකාවේ තේවල ප්‍රමිතිය පිළිබඳව මීට වඩා සැළකිළිමත් වෙනු ඇති බවද සඳහන් කෙරුණා. 

ශ‍්‍රී ලංකාවේ තේවලට පනවා තිබූ තහනම රුසියාව ලබන 30 වැනිදා සිට ඉවත් කෙරෙනු ඇති බවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ.

ශ‍්‍රී ලංකාවේ තාක්ෂණික කණ්ඩායමක් මේ පිළිබදව සාකච්ඡා කිරීම සඳහා රුසියාවට ගිය අතර එහිදී මෙම තහනම ඉවත් කිරීමට එකගතාව පළ කෙරුණා. 

රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම තහනම් කළේ ඉකුත් 18 වැනිදා සිටයි. ශ‍්‍රී ලංකාවෙන් යවන ලද තේ තොගයක සිට කුරුමිණියෙකු හමුවීම ඊට හේතුව ලෙස ප‍්‍රකාශ කෙරුණා.