Saturday, May 18, 2024

General line - 0115112241

"පිටස්තර තරගවලට යන්න එපා.." - අද හවස වැඩ අරඹන හතුරුසිංහගේ පළමු දැනුම්දීමයි මේ

සුගත් ධර්මප්‍රිය /කසුන් කැලුම් 




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ චන්දික හතුරුසිංහ  අද (28) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය පළමු පුහුණු සැසිය අරඹනු ලබනවා.


ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ සංචාරයේ  තුන්කොන් එක්දින තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට මේ සමග නියමිතව ඇති අතර  ක්‍රීඩකයන්ට මේ දිනවල පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන ලෙස ඔහු දැනුම් දී තිබෙනවා.

තුන්කොන් එක්දින තරගාවලියේදී  නායකත්වයේ වෙනසක් සිදු කිරීමට ද නියමිත අතර  දිනේෂ් චන්දිමාල් සහ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් කෙරෙහි  අවධානයක් යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය- තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක රන්ජන්, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජෙලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සදීර සමරවික්‍රම, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දසුන් ශානක, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ශෙහාන් මධුසංඛ, ළහිරු කුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩේසේ, අමිල අපෝන්සු, ලක්ෂාන් සඳකැන්, චතුරංග ද සිල්වා