Friday, May 17, 2024

General line - 0115112241

ලාරාවත් පසු කරමින් කුක් ඉදිරියට

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන සිව්වන අළුබදුන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙස්ටෙයා කුක් අද (28) සමත් වුණා.

3 වන දිනය නිමාවනවිට එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 9 ක් දැවී ලකුණු 491 ක් ලබා සිටියා.

ඒ,  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 327ට පිළිතුරු වශයෙන්.

නොදැවී කී‍්‍රඩා කරන ඇලෙස්ටෙයා කුක් ලකුණු 244 ක් ලබා සිටිනවා. මෙම ද්විත්ව ශතකයත් සමග ටෙස්ට් වැඩිම ලකුණු ලාභීන් අතර 6 වන ස්ථානය හිමිකර ගැනීමටද ඇලෙස්ටෙයා කුක් සමත් වුණා.

මෙලෙස කුක් ඊයේ ටෙස්ට් ලකුණු 11814 ලබා සිටි මහේල ජයවර්ධනවත් පසු කර ගියා.

ඇලෙස්ටෙයා කුක් 6 වන ස්ථානයට පැමිණියේ ටෙස්ට් ලකුණු 11,953 ක් ලබාසිටි කොදෙව් කී‍්‍රඩක බ‍්‍රයන් ලාරා ද පසුකරමින්.