Friday, October 18, 2024

General line - 0115112241

ලංසුව හොඳනම් තව අය යයි! විමල් කියන කතාව මෙන්න




සිය පක්ෂයේ තවත් කිහිප දෙනෙකු ඉදිරියේදී පක්ෂයෙන් ඉවත් විය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. අද (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

"මේ වගේ කාලෙට තමයි හොඳ හොඳ සෙල්ලම් බලාගන්න වෙන්නේ. වීරකුමාර අපි එක්ක හිටියනම් තමයි හොඳ. ලංසුව හොඳ නිසා එහෙම යන්න පුළුවන්. ඉදිරියේදී තව අය යන්න පුළුවන්. ඔහුගේ යාම පක්ෂයට නොදැනුනා කියනවනම් අපි දේශපාලන වශයෙන් ලාදුරු හැදිල තියෙන්න ඕන."

පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපල අනුව බහුතරඑ බලයක් නොමැති ආයතනවල පොදු ජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බවට අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් සිදු කළ ප‍්‍රකාශයට ද මන්ත‍්‍රීවරයා මෙහිදි ප‍්‍රතිචාර දක්වමින් පැවසුවේ සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා කාලයෙන් කාලයට එක එක කතා කියනා බවය. මෙයද එවැනි කතාවක් බව කී විමල් වීරවංශ බහුතර ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයගන්නා ඇති බව පැවසුවා.