Friday, October 18, 2024

General line - 0115112241

සෝමවීර චන්ද්‍රසිරි ඒකාබද්ධයෙන් ඉවත්වීමට හේතු කියයි

සජිත් තිලකරත්න




ඒකාබද්ධ විපක්‍ෂයේ අභ්‍යන්තරයේ පැවතින ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් තමන් ඉන් ඉවත්වීමට තීරණය කළ බව මහජන එක්සත් පෙරමුණේ හිටපු උප සභාපති සෝමවීර චන්ද්‍රසිරි පවසනවා. ඒ අනුව ඔහු ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වුණා. මේ, තමන් ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉවත්වීමට ගත් තීරණයට නෙත් නිවුස් වෙත හේතු දැක්වූ සෝමවීර චන්ද්‍රසිරි පැවසුවේ ඒකාබද්ධ විපක්ෂය තුළ ගැටළු ඇතිවූ අවස්ථාවක තමා තනි කළ බවය. පළාත් පාලන ඡන්දය වෙනුවෙන් නාමයෝජනා දීමේදී ගැටළු මතුවීමද මීට හේතු වී තිබෙනවා.

රාජ්‍ය ආයතනය හෝ සංස්ථාවක ඉහළ තනතුරක් බලාපොරොත්තුවෙන් මෙම තීරණය ගත්තේ දැයි නෙත් නිවුස් ඔහුගෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු ලබාදුන් ඔහු පැවසුවේ තනතුරු වරප්‍රසාද කිසිවක් බලාපොරොත්තුවෙන් මෙම තීරණය නොගත් බවය. ජනාධිපතිවරයා පවරන කටයුත්තක් කිරීම තම බලාපොරොත්තුව බව ඔහු පවසනවා.