Sunday, September 8, 2024

General line - 0115112241

කෝලිගේ මංගල්‍යයට ගිය ගයාන් කෝලි සමග ඇති සබඳතාව හෙළිකරයි

කසුන් කැලුම්




ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවීම සදහා ඇරයුම් ලද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දිරිගන්වන ගයාන් සේනානායක පිළිබදව මේ දිනවල දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඔහු මුම්බායි නුවර පැවති එම විවාහ මංගල්‍ය උත්සවයේදී ලබාගත් ඡායාරූපද මේ වනවිට සමාජජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.  

විරාත් කෝලි සහ අනුෂ්කා ශර්මාගේ විවාහ මංගල උත්සවය සදහා බොලිවුඞ් සුපිරි තරු රැසක්ද එක්ව සිටියා. බොලිවුඞ් සුපිරි තරු සහ ඉන්දීය කි‍්‍රකට් කී‍්‍රඩකයින් ගයාන් සේනානායකගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පසුබෑම පිළිබදවද මෙහිදී අදහස් විමසා තිබෙනවා. ඔහු ඒ පිළිබදවද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

"වසර 10ක් තිස්සේ අපි දෙන්නව හඳුනනව. එයා ලංකාවට ආවත් මට කතා කරනව. කෑමකට හරි යනව. මමත් එයාට කතා කරනව. හොඳ වැඩක් කළොත් කතා කරනව. මැච් එකකට කලින් සුබ පතනව." යැයිද ඔහු පවසනවා.