Friday, October 18, 2024

General line - 0115112241

පොලිතින් තහනමට තව දින දෙකයි! 01දා සිට නීතිය තදින්ම ක්‍රියාත්මකයි

තුෂාර වීරරත්න




ජනවාරි මස පළමු වනදා සිට පොලිතීන් තහනම දැඩිව කි‍්‍රයාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය ලාල් ධර්මසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ පොලිතීන් නිෂ්පාදකයින්ට හා වෙළදුන්ට සිය නිෂ්පාදන තොග අවසන් කිරීමට ලබාදුන් කාලය දැන් අවසන් වෙමින් පවතින බවයි.

තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වැටලීමද මේ වනවිට ආරම්භ කර ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.