Friday, October 18, 2024

General line - 0115112241

මනෝ ගනේෂන්ට ආරක්ෂාව ලබාදීම ගැන පොලිසියෙන් කියන කතාව

හේමන්ත කහවලගේ




ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන්ට එස්. ටී. එෆ්. ආරක්ෂාව ලබා දී ඇත්තේ පෙබරවාරි මස 12 වැනිදා දක්වා පමණක් බව පොලිස් මූලස්ථාන අංරංචි පවසනවා.

උතුරු කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ් පාතාලයට සම්බන්ධ ආධාරකරුවෙකුගෙන් තමන්ට තර්ජන ඇති බවයි මනෝ ගනේෂන් ඉකුත්දා ප‍්‍රකාශ කළේ.

එ් අනුව පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී 6 දෙනෙකු ඔහුගේ ආරක්ෂාව සඳහා ලබාදීමට පොලිස් මූලස්ථානය පියවර ගත්තා.

අමාත්‍යවරයාගේ ආරක්ෂාවට පරිවාර රථයක්ද ලබා දී තිබෙනවා. තර්ජනය කර තමන්ව බිය වද්දා නිවසට සිර කර තැබිය නොහැකි බවයි ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මාධ්‍ය අමතමින් කියා සිටියේ.