Friday, October 18, 2024

General line - 0115112241

'අවසන් කිරීමට කාලය එළඹිලා' - යුද හමුදාපති කියයි

ජනක අලහප්පෙරුම




යුද හමුදා සාමාජිකයන් රණවිරුවන් ලෙස හැඳින් වූ කාලය අවසන් කිරීමට කාලය එළැඹ ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

බි‍්‍රතාන්‍යයේ සංචාරයක නිරත යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේ එරට ශී‍්‍ර ලාංකික සංසදය හමු වූ අවස්ථාවේදීයි. වර්තමානයේ ඇතැම් හමුදා සාමාජිකයින් රණවිරුවන් යන නාමය පටු අරමුණු වෙනුවෙන් යොදා ගන්නා බවයි යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ

උතුරේ යුද හමුදා කඳවුරු ස්ථාපිත කර තිබූ ඉඩම් යළි එම ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. එහිදී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක අවධාරණය කළේ අත්‍යවශ්‍ය මොහොතකදී එම ඉඩම් යළි ලබා ගැනීමට යුද හමුදාව සූදානම් කර ඇති බවයි.

බි‍්‍රතාන්‍ය සංචාරයට එක්ව සිටින යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙහිදී ලන්ඩන් බෞද්ධ විහාරයට ගොස් එහි ප‍්‍රධාන සංඝ නායක පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ආශිර්වාද ද ලබාගත්තා.