Friday, October 18, 2024

General line - 0115112241

මරණ දඬුවමට නියම වූ රැඳවියන් 250 කට අද උදෑසන වැලිකඩදී ලැබුණු දේ

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවමට නියම වී සිටින රැඳවියන් 250 කට ආසන්න පිරිසක් ඇතුළත්ව රැඳවියන් 900 දෙනෙකු අද උදෑසන විශේෂ වැඩසටහනකට එක් වුණා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 900 දෙනෙකු පමණ අද (31) උදෑසන සිල් සමාදන් වුණා.

සිල් සමාදන් වූ පිිරිස දවස පුරා වැලිකඩ බන්ධනාගාරයේ ආගමික වතාවත්වල නිරත වනු ඇති.

ඔවුන්ට අද උදෑසන සහ දහවල් දානය ලබාදෙන්නේ බන්ධනාගාරයට පිටතින්වීමද විශේෂත්වයක්.

හීල් දානය සඳහා ආප්ප, ඉදිආප්ප, රොටි සහ වෙනත් ආහාර සිල් සමාදන්වී සිටින පිරිසට අද පිරිනමනු ඇති. මරණ දඩුවමට ලක්ව සිටින සහ සිරදඬුවම් විදින ඇතැම් බන්ධනාගාර රැඳවියන් එම ආහාර ලබාගන්නේ වසර 10 කට පසුවීමද විශේෂත්වයක්.

බන්ධනාගාර නීතිය අනුව මරණ දඩුවම හෝ සිරදඩුවම් විදින රැඳවියන්ට උදෑසන ආහාර වේලට ලැබෙන්නේ පාන් හෝ බත් බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.