Thursday, September 19, 2024

General line - 0115112241

මිනිස් වෙස්ගත් අමනුස්සයෝ බලු පැටවුන් 3ක් පණපිටින් පුච්චයි (VIDEO)



තරුණයන් පිරිසක් එක්වී බලු පැටවුන් තිදෙනෙක් පණපිටින් පුලුස්සා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙය සිදුවී තිබෙන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ.

මෙසේ බලුපැටවුන් පුලුස්සා දමන වීඩියොව පසුව ඔවුන් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

වීඩියෝවේ දැක්වෙන පරිදි පළමුව ඔවුන් දර සහ කුණුකසල යොදාගෙන ගිනිගොඩක් නිර්මාණය කරගන්නා අතර පසුව ඔවුන් විසින් මෙම බලු පැටවුන් තිදෙනා එම ගිනි ගොඩට දමනවා.බලු පැටවුන් වේදනාවෙන් කෑගසමින් ගින්නෙන් පිටතට පැමිණිමට උත්සහ කළත් ඔවුන් සම්පූර්ණයෙන් දැවී යන තුරු ඉන් පිටවී යා නොදීමට තරුණයන් කටයුතු කරනවා.

මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැති බව එරට පොලීසිය පවසනවා.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බව ඉන්දීය සත්ව සංවිධාන පවසනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න