Saturday, October 19, 2024

General line - 0115112241

වරාය සටනේ සිටි අයෙක් අසාධ්‍ය වෙයි (UPDATE)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




හම්බන්තොට මාගම්පුර වරායේ ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට මාරාන්තික උපවාසයක යෙදී සිටි පුද්ගලයෙකු අසාධ්‍ය වී රෝහල්ගත කර තිබෙනවා.

මෙම පුද්ගලයා ඇතුළු 11 දෙනෙකු පෙරේදා (09) සිට මෙලෙස මාරාන්තික උපවාසයක යෙදී සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ඔවුන් සියලූදෙනා හම්බන්තොට මාගම්පුර වරායේ සේවයේ යෙදි සිට රැකියා අහිමි වු අයයි.

තමන් වරාය අධිකාරියට අනියුක්ත කර නැවත රැකියා ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. 

මේ අතර, ඊයේ පස්වරුවේ මහා සංඝරත්නය පැමිණ මාරාන්තික උපවාසයේ නිරත තැනැත්තන්ට ආශිර්වාද කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් පැවසුවේ.
 

---------------------------------------

"චීන සමාගම ඉල්ලන්නේ නිදහස් වරායක් - අපි එකා පිට එකා මැරුණත් සටන අත්හරින්නේ නැහැ"

(09-01-2018 06:25)

 

හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කර රැකියා අහිමි වූ 438 දෙනෙකු මේ වනවිට මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා.

ඒ පිළිබද කරුණු දක්වන මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි. කේ. ඔමේෂ් සඳහන් කළේ "මේ වන විට මාගම්පුර වරාය චීන සමාගමට බදු දීලා ඉවරයි.. අදාළ චීන සමාගම මාගම්පුර වරාය ඉල්ලා සිටින්නේ කිසිඳු සේවකයෙකු නැතිවයි..ඒ කියන්නේ නිදහස් වරායක් ලෙසටයි. මාගම්පුර වරාය ගොඩ දැම්මේ මේ අද එළියට දාලා ඉන්න සේවකයෝ 438 දෙනා තමයි. දින 49ක් ගත වෙලත් සේවකයින්ට සාධාරණ පිළිතුරක් නොලැබුණ නිසා අපි තීරණය කළා එකා පිට එකා මැරුණත් මාරාන්තික උපවාසයකට මෙය රැගෙන යන්න." යනුවෙනි.

මාගම්පුර වරායේ සේවය කර රැකියා අහිමි වූවන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කළේ ඊයේ (08) පස්වරුවේයි. මීට පෙර ඔවුන් සත්‍යග‍්‍රහයක යෙදි සිටියා.