Saturday, October 19, 2024

General line - 0115112241

කැබිනට් රැස්වීමේදී මැතිවරණ කොමිසමේ සභාපතිට ඇඟිල්ල දිගු කරලා

හේමන්ත කහවලගේ




මැතිවරණ සමයේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිදු කරගෙන යන දැඩි ප‍්‍රතිපත්ති ඊයේ (09) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විවේචනයට ලක්කර ඇතැයි වාර්තා වනවා.

මෙම කාලය තුළ රටේ සංවර්ධන කටයුතු නතර වී ඇති බවටයි එහිදී ප‍්‍රකාශ වී ඇත්තේ.

එමෙන්ම රාජ්‍ය සේවා කොමිසමට හා පොලිස් කොමිසමේ කටයුතුවලට ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බාධා කරන බවටද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ප‍්‍රකාශ කර තිබෙනවා.

කැබිනට් රැස්වීමේ දී මතු වූ කරුණු පිළිබඳ අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ යැයි දේශපාලන ආරංචි සඳහන් කළා.