Saturday, October 19, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක පෙට්‍රල් නෑ

දිනසේන රතුගමගේ




ප්‍රදේශ කිහිපයක උග්‍ර පෙට්‍රල් හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.

ඊයේ (09) සවස සිට මෙම පෙට්‍රල් හිඟය පවතින බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ. යාපනයේ හා කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක ජනතාව මේ නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

දින කිහිපයකින් කොළඹ සිට උතුරට පෙට්‍රල් රැගත් බවුසර් නොපැමිණීම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවයි මේ පිළිබඳව වැඩි දුර සොයා බැලීමේදී වාර්තා වුණේ.

පවතින තත්ත්වය නිසා එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික කටයුතු අඩාල වී ඇති බවද අප වාර්තාකරු පෙන්වා දෙනවා.