Saturday, October 19, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මැතිඇමතිවරු අද වෙන තැනක




එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් බොහෝමයක් අද (10) පාර්ලිමේන්තුවට පැමිණ නොසිටි බව වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ අද පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංගල මැතිවරණ රැළියට සහභාගී වීම සඳහා ඔවුන් අනුරාධපුරයට ගොස් සිටීමයි. 

මෙවර පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අද පැවැත්වෙන මංගල රැළිය සඳහා සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

රැළිය පස්වරු 03.00ට ආරම්භ වන්නේ අනුරාධපුරයේදීයි.

පක්ෂයක් ලෙස සම්ප‍්‍රදාය ආරක්ෂා කිරීමක් ලෙස මෙලෙස මංගල රැළිය අනුරාධපුරයේ පවත්වන බවයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා කියා සිටියේ. 

රැළිය ආරම්භ කිරීමට පෙර අනුරාධපුරයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ද අද පෙරවරුවේ ආගමික වතාවත්වල නිරත වුණා.

මෙම රැළිය පැවැත්වෙන්නේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.