කුච්චවේලි ප‍්‍රදේශයේ නිවසක ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් ගලවා දමන ලෙසට කුච්චවේලි ප‍්‍රාදේශීය ලේකම්වරයා කළ නියෝගය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බව උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය බලධාරීන්ගෙන් යළි ඉල්ලීමක් කරනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් බලධාරීන් දැනුවත් කර ඇති බවයි එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර කියා සිටියේ.
මෙම නැවත පදිංචි කළ පිරිස පදිංචිව සිට ඇත්තේ කුච්චවේලි ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුරුපිටිය පොල් සංවර්ධන මණ්ඩලයට යාබද භූමියේයි.