Saturday, October 19, 2024

General line - 0115112241

අලුත උපන් බිළිඳෙක් බස් නැවතුමක දමා ගිහින් (PHOTOS)

දිනසේන රතුගමගේ




කිළිනොච්චිය රෝහලට නුදුරින් පිහිටි බස් නැවතුමක් තුල 10 දා දහවල් දමාගොස් තිබූ අලුත උපන් බිළිදෙකු ප්‍රදේශවාසීන් පිරිසක් විසින් දැක ඒ පිළිබදව පොලීසියට දැණුම් දී තිබෙනවා. පොලීසිය පැමිණ එම බිළිදාව රැගෙන ගොස් අධිකරණයට  කරුණු වාර්තා කිරීමෙන් පසුව ප්‍රතිකාර සඳහා එම බිළිදාව  කිළිනොච්චිය රෝහල වෙත බාර දී තිබෙනවා

කිළිනොච්චිය දිසා විනිසුරුවරයා පොලීසියට නියෝග කොට අත්තේ බිළිදාව දමා ගිය කාන්තාව අත් අඩංගුවට ගැනීමට පිඅයවර ගන්නා ලෙසයි. පොලීසිය කිළිනොච්චිය රෝහලට ගොස් අළුත උපන් බිලිදුන් හා එම බිළිදුන්ගේ මව්වරුන්ගේ නාමලේඛනයක් රැගෙන බිළිදා දමාගිය කාන්තාව අත් අඩංගුවට ගනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇත.